බදුල්ල නගරයේ සිට කීණකැලේ මාර්ගයේ සැතපුම් 12ක් පමණ පැමිණි විට නාරංගල කඳු පාමුල මනරම් පරිසරයක පිහිටි බ/කන්දෙගෙදර ම. ම. විද්‍යාලය හමුවේ. බහු ආගමික බහු සංස්කෘතික පරිසරයක පිහිටි කන්දෙගෙදර නගරයේ ආසන්නයේ පාසල පිහිටා තිබේ.
බ/ කන්දෙගෙදර ම. ම. විද්‍යාලය ආරම්භ වී ඇත්තේ 1924 තරම් ඈත අතීතයේය. කන්දෙගෙදර ඉඩමේගම කුඩුගලේ ගෙදර නැමැති ස්ථානයේ පිහිටි විශාල බෝ ගසක් යට තාවකාලිකව මානම් සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක විද්‍යාලය ආරම්භ කර ඇත. සිසුන් 40කගෙන් පමණ ආරම්භ වූ විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා ආර්.එච්. කරුණාරත්න මහතාය.
ඉන් අනතුරුව මෙම විද්‍යාලය වර්තමානයේ බ/ විද්‍යාදීප විද්‍යාලය (බ/ කන්දෙගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික විද්‍යාලය) වෙත ගෙන ගොස් ඇත. මුල් ගුරුතුමා වශයෙන් කටයුතු කළ ආර්.එච්. කරුණාරත්න මහතා 1941.10.03 දින විශ්‍රම යන විට මුˆ ශිෂ්‍ය සංඛ්‍යාව 204 දක්වා වර්ධනය කර ඇත. ඉන් අනතුරුව ඩී.එම්. මංචනායක මහතා, බී.ඩී. ප්‍රේමසිරි මහතා, ඩී.එම්. පෙරේරා මහතා විදුහල්පතිවරුන් ලෙස සේවය කර ඇත.
1952 පමණ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගිය හෙයින් විද්‍යාලයේ ඉඩකඩ සීමිත නිසා ඩී.එම්. ප්‍රේමරත්න මහතා විද්‍යාලය වර්තමානයේ පවතින භූමිය වෙත ගෙන එAමට පුරෝගාමී මෙහෙවරක් කර ඇත. එම ස්ථානයේ ස්ථීර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම විද්‍යාලය පවත්වාගෙන යාම විශේෂ කරුණක් වශයෙන් සඳහන් කළ හැකිය. 1957.10.01 සිට 1960.12.31 දක්වා ව්දුහල්පතිවරයා වශයෙන් ටී.එස්. වන්නිගම මහතාගේ කාලයේ විද්‍යාලය කණිෂ්ඨ විද්‍යාලයක සිට ෙජ්්‍යෂ්ඨ ව්ද්‍යාලයක තත්වයට පත්ව ඇත. ඉන් අනතුරුව 1961 වර්ෂයේ ඒ. ජයසිංහ මහතා විදුහල්පතිවරයා වශයෙන් පත් වී ඇත. එම මහතාගේ එක් අවුරුදු කාල සීමාව අවසානයේ ආර්.ඒ.ටී. වික්‍රමනායක මහතා විදුහල්පතිවරයා වශයෙන් පත්ව ඇති අතර එම කාල සීමාව තුළදී අ.පො.ස උ.පෙළ පංති ආරම්භ කර ඇත. 1960 - 1962 කාලය දක්වා සේවය කළ ව්දුහල්පති ඩබ්.එම්. ප්‍රේමරත්න විදුහල්පතිවරයාගේ නිල කාලයේ විවිධ විෂයන් වලට ගුරුභවතුන් ලබා ගැනීමත්, විද්‍යාලයේ දැනට පවතින කී්‍රඩා පීටිය කැපීම ආරම්භ කිරීමත් සිදුවිය. මෙම යුගයේ විද්‍යාලයේ කී්‍රඩා හා සංගීත/ නැටුම් අංශයෙන් සමස්ථ ලංකා ජයග්‍රහණ ජාතික මට්ටමින් අත්පත් කර ගැනීමට හැකි වී ඇත.
ඉන් අනතුරුව එස්.ඩබ්. ව්ල්සන් මහතා, මහාචාර්ය ලාල් පෙරේරා මහතා විදුහල්පතිවරුන් වශයෙන් පත් වූ අතර මේ යුගයේ විද්‍යාලයේ ප්‍රථම වතාවට ආර්.එම්. ජයසුන්දර මහතා පළමුවෙන්ම උසස් අධ්‍යාපනයට ඇතුළත් වීම විශේෂ සිදුවීමකි.
ඉන් අනතුරුව ඩී.එම්. පියසේන මහතාද ඉන් අනතුරුව 1974 ඩී.එම්. කුමාරදාස මහතාද ව්දුහල්පතිවරයා වශයෙන් පත් විය. 1974 අ.පො.ස උ.පෙළ විද්‍යා විෂයන් ආරම්භ වීම තුළින් විද්‍යාලයේ වෛද්‍යවරුනA, ඉංජිනේරුවන් බිහි විය.
ඉන් අනතුරුව ආර්.එම්. සුමනපාල මහතා විදුහල්පති වශයෙන් පත් විය. මෙම විදුහල්පතිවරයාගේ කාලයේ විද්‍යාලයට නව ගොඩනැගිලි, දන්ත චිකිත්සාගාරය, බුදුමැදුර, කාර්මික ඒකකය, රැස්වීම් ශාලාව, සෞන්දර්යය ඒකකය ආදී සම්පත් බොහොමයක් ලැබුණි.
1984.05.20 දින විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය. ඉන් අනතුරුව ජයන්ත වික්‍රමනායක මහතා, එච්.පී. සෝමසිරි මහතා, ගුණසිරි විෙජ්රත්න මහතා, එස්.ඩබ්. විල්සන් මහතා විදුහල්පතිවරයන් වශයෙන් පත් වී විද්‍යාලය වත්මන් තත්වයට දියුණුවට පත් කිරීමට මහත් මෙහෙයක් ගෙන කි්‍රයා කළහ.