විදුහල්පති පණිවිඩය
බ/කන්දෙගෙදර ද්විතියික පාසල

අධ්‍යාපනය ආයෝජනයකි. රටක අධ්‍යාපන පද්ධතියෙන් බලාපොරොත්තු වන්නේ දැනුම ආකල්ප කුසලතා හා නිපුණතා වලින් පරිපුර්ණ පුරවැසියෙකු බිහිකර ගැනීමයි. 1924 වර්ෂයේදී බ/කන්දෙගෙදර ජාතික පාසල කන්දෙගෙදර ඉඩමේගම කුඩුගලේ ගෙදර නැමැති ස්ථානයේ මානම් සෙවිලිකළ තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කර ඇත. අදවන විට මහා විද්‍යාලයක්, මධ්‍ය මහා විද්‍යාලයක්, ජාතික පාසලක්, ද්විතීයික පාසලක් බවට පත්වී ඇත.
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කන්දෙගෙදර ග්‍රාමසේවා නිළධාරි වසමේ බ/කන්දෙගෙදර ජාතික පාසල පිහිටා ඇත. සොරණාතොට අධ්‍යාපන කොට්ඨාසයට සතු එකම ජාතික පාසල හා සිංහල මාධ්‍ය එකම ද්විතීයික පාසල වශයෙන් ද වේ. අ.පො.ස(උ/පෙළ) තාක්ෂණවේදය විෂය මුල් වටයේම හදුන්වා දුන් කොට්ඨාශයේ එකම පාසල වශයෙන් සංවර්ධනය වීම ප්‍රදේශයේ දරු දැරියන් දෙමාපියන් ලද විශාල භාග්‍යක් ලෙස සලකමි.
විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධනය අරමුණු කරගෙන විදුහල්පති ගුරුභවතුන් දෙමාපියන් ආදි ශිෂ්‍යන් එක්ව කටයුතු කිරීමට හැකිවීම තුලින් විද්‍යාලයේ සංවර්ධන ඉලක්ක හඳුනා ගැනීමට හැකිවීම අප ලැබු භාග්‍යක් ලෙස සලකමු.
අභියෝග ජයගත හැකි විෂය සමගාමි ක්‍රියාකාරකම් වලින් දැනුම ආකල්ප කුසලතා හා නිපුණතා වලින් පිරිපුන් මානව දයාවෙන් යුතු දරු පිරිසක් බිහිකර ගැනීමට විදුහල්පතිතුමා හා ආචාර මණ්ඩපය ගන්නා වෙහෙස මහන්සියට දෙමාපියන්, පරිත්‍යාගශිලින් හා ආදි ශිෂ්‍ය සංගමය නිරන්තරයෙන්ම උපකාර කිරීම සතුටට කරුණකි.
මේ ඔස්සේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීමට ප්‍රබල බලපෑමක් ඇතිි කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි.

විදුහල්පති,
බ/කන්දෙගෙදර ද්විතියික පාසල